ප්‍රශ්න විවරණය 01

1. මිනිස් සිරුරේ ස්කන්ධය අනුව වැඩිම ප්‍රතිශතයකින් අඩංගු මූලද්‍රව්‍යය වන්නේ,
(1) කාබන්
(2) හයිඩ්‍රජන්
(3) ඔක්සිජන්
(4) නයිට්‍රජන්
නිවැරදි පිළිතුර: (3) ඔක්සිජන්

මිනිස් සිරුර ප්‍රධාන වශයෙන්ම ජලය (ජීවීන්ගේ ශරීර බරෙන් 2/3 ක්‌ පමණ ) වලින් සමන්විත වන අතර, ජල අණුවක ස්කන්ධයෙන් වැඩි ප්‍රමාණයක් ඔක්සිජන් වලට හිමිවේ. මේ නිසා සිරුරේ මුළු ස්කන්ධයෙන් වැඩිම ප්‍රතිශතයක් දරන්නේ ඔක්සිජන් මූලද්‍රව්‍යයයි.

ප්‍රධාන මූලද්‍රව්‍යවල දායකත්වය (ස්කන්ධය අනුව):

ප්‍රශ්න විවරණය 02

2. ශාකයක නව සෛල ඇති කරමින් ශාකයේ වර්ධනයට සෘජුවම දායක වන පටක වර්ගය කුමක්ද?
(1) මෘදුස්තර පටකය
(2) විභාජක පටකය
(3) ස්ථිර පටකය
(4) දෘඩස්තර පටකය
නිවැරදි පිළිතුර: (2) විභාජක පටකය (Meristematic Tissue)

විභාජනය වීමේ හැකියාව පදනම් කරගෙන ශාක පටක විභාජක පටක සහ ස්ථිර පටක ලෙස වර්ග කෙරේ. මෙම ප්‍රශ්නයට අදාළ සම්පූර්ණ විග්‍රහය පහත දැක්වේ:

1. විභාජක පටකය යනු කුමක්ද?

සක්‍රිය ලෙස අනූනන විභාජනයට ලක් වන, නව සෛල ඇති කිරීමට හැකියාව ඇති සෛලවලින් සෑදෙන ශාකපටක විභාජක පටක ලෙස හැඳින්වේ.

විභාජක පටක වර්ග සහ ඒවායේ කාර්යයන්:
අනෙකුත් පිළිතුරු :

ප්‍රශ්න විවරණය 03

3. මිනිසාගේ අක්මාව හා පේශි තුළ සංචිත කරගන්නා පොලිසැකරයිඩය වන්නේ,
(1) පිෂ්ටය
(2) සෙලියුලෝස්
(3) ග්ලයිකොජන්
(4) ග්ලුටන්
නිවැරදි පිළිතුර: (3) ග්ලයිකොජන්

ග්ලයිකොජන් යනු සතුන්ගේ දේහය තුළ කාබොහයිඩ්රේට සංචිත කර තබන පොලිසැකරයිඩයයි.

පොලිසැකරයිඩ සහ ඒවායේ කාර්යයන්: අනෙකුත් පිළිතුරු :

ප්‍රශ්න විවරණය 04

4. පිෂ්ටය හඳුනාගැනීම සඳහා භාවිත කරන්නේ මින් කුමක්ද?
(1) බෙනඩික්ට් ද්‍රාවණය
(2) අයඩීන් ද්‍රාවණය
(3) බයියුරෙට් පරීක්ෂාව
(4) සුඩාන් III
නිවැරදි පිළිතුර: (2) අයඩීන් ද්‍රාවණය

පිෂ්ටය යනු ශාක පටක වල ආහාර ගබඩා කරනු ලබන පොලිසැකරයිඩයයි. පරීක්ෂණාගාරයේදී පිෂ්ටය ඇති බව තහවුරු කර ගැනීමට අයඩීන් ද්‍රාවණය භාවිත කරයි.

පරීක්ෂණ නිරීක්ෂණ:

ප්‍රශ්න විවරණය 05

5. සෛල බිත්තිවල කොන්වල පමණක් සෙලියුලෝස් හා පෙක්ටින් තැන්පත් වී ඝන වී ඇති ජීවී පටකය කුමක්ද?
(1) මෘදුස්තර පටකය
(2) දෘඩස්තර පටකය
(3) ස්ථූලකෝණස්තර පටකය
(4) ශෛලම පටකය
නිවැරදි පිළිතුර: (3) ස්ථූලකෝණස්තර පටකය (Collenchyma Tissue)

ස්ථූලකෝණස්තර පටකය යනු සජීවී සරල ස්ථිර පටකයකි. එහි ව්‍යුහය පිළිබඳ පහත දැක්වේ:

ස්ථූලකෝණාස්තර පටකයේ ලක්ෂණ: අනෙකුත් පටක සමඟ සසඳන්න: